Wednesday, December 7, 2016

කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ඇඟවල් ලෙඩ එන්නේ නැති විදිහට මහත් කරගන්නේ මෙහෙමයි


















                            පුද්ගලයෙකුගේ උස මහත එම පුද්ගලයාගේ පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපානවා.බොහෝ විට මෙය බලපාන්නේ පිරිමි පුද්ගලයන්ටය.නමුත් කාන්තාවන්ටද මෙය බලපාන අවස්ථා තිබේ.නමුත් සමාජයේ මෙය බොහෝ විට බලපාන්නේ පිරිම් පුද්ගලයන්ටය.බොහෝ දෙන කෙතරම් ආහාර ගත්තද මහත් වන්නේ නැත.මෙයට බොහෝ විට බලපාන්නේ ජාන වල අක්රියතා හා හෝමෝන වල අක්‍රියතා වේ.මෙයට සම්බන්ධ හොමන වර්ගය වර්ධක හෝමෝන ලෙස හදුන්වයි.මොලයෙන් වර්ධක හෝමෝන ශරීරය තුලට පිටකරන කාලයක් තිබේ.එය ඔබගේ ජීවිතය පුරාම සිදුවන්නේ නැත.යම් වයස් සීමාවකදී එය නවතියි.එහෙත් නිවැරදි ආකාරයට ආහාර ගැනීම මගින් ඔබගේ ශරීරය මහත් කරගැනීමට හැකියාව තිබේ.

                            පළමුව ඔබ වයිද්‍යවරයකු හමුවිය යුතුය.මන්ද ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ප්‍රෝටීන් වර්ග යම් අවස්ථාවලදී ඔබගේ ලේ වර්ගයට අනුව වෙනස් වන බැවිනි.එම නිසා දන්නා කෙනෙක්ගෙන් උපදෙක් ගැනීම අනිවාර්යය වේ.තවත් දෙයක් නම් ලේ සාම්පල check කිරීමෙන් පසුව ඔබගේ ශරීරය තුල තිබෙන රෝග හදුනා ගැනීම කල හැකිය.මෙය අනිවාර්යෙන් කලයුතු දෙයක් වේ.

                            අනෙක් කරුණ නම් ඔබේ සැලැස්ම සදා ගැනීමයි.කාලයත් සමග මම මේ තරම් බරක් වැඩි කර ගන්නවා කියා තම සිතින්ම සැලසුමක් ගන්න.හොඳින් මතක තබා ගන්න ඔබගේ ශරීරය මහත් වන්නේ ගන්න ආහාර වැඩි කිරීමෙන් නොව කැලරි ප්‍රමාණය වැඩි කිරීමෙනි.එකට කැලරි අධික ආහාර ගත යුතුය.කැලරි අධික අහර ගැනීමෙන් දිනකට කැලරි 300ක් පමණ ශරීරයට ඇතුලත් කර ගත යුතුය.මෙසේ කරන ඔබට සතියකට රාත්තල් 1 පමණ වැඩි කර ගැනීම සාර්ථකව කර ගත හැක.තවද සතියකට රාත්තල් 1ක් වැඩි කර ගැනීම සෞක්යාරක්ෂිත දෙයක් වේ.ශරීරයේ බර අඩු කරගනන්ව සේම බර වැඩි කර ගැනීමත් ටිකෙන් ටික විය යුතුය.



                            අනෙක් කරුණ නම් ආහාර වේල් ගණනයි.ඔබ දෙනාට ගන්නේ ආහාර වෙල් 3ක් පමණක් වනවා ඇත.එයට තව ආහාර වෙල් දෙකක් එකතු කර ගන්න.ආහාර වෙල් 5ක් දිනකට ආහාරයට ගන්න.නිතරම මේ වෙල් 3ම පිෂ්ටය හා ප්‍රෝටීන අඩංගු ආහාර වලින් පුරවා ගන්න.

                            ව්‍යායාම් වල යෙදීම අනෙක් කරුණයි.වැඩි වශයෙන් මෙයට අවධානය යොමු කිරීමට උවමන නැත.සතියකට දෙවරක් කරද ප්‍රමාණවත්ය.

                            ආහාර තෝරා ගැනීමේදී මේ දේවල් අනිවාර්යෙන් තොර ගන්න.රටකජු වර්ග,peanut butter,සැමන් මසුන් හෝ වෙනත් මහතින් වැඩි මසුන්,අලිගැටපේර.මෙවගෙන් ඔබට අනිවාර්යෙන් ශරීරයට කැලරි එක්කර ගත හැක.තව දේවල් නම් බටර්,චීස්,කිරි ද පවිශ්ෂි කරන්න.මේවා දිනපතා පාවිච්චි කිරීම අනිවාර්යය වේ.පිරිසිදු කිරි වලින් සාදාගත් සියලුම ආහාර ශරීරය මහත් කිරීමට උදව් වේ.

                            අනෙක් කරුණ නම් ඔබගේ පපිසින ආහාර පිළියෙළ කිරීමේදී තෙල් වෙනුවට බටර් පාවිච්චි කරන්න.







                            මේ ආහාර වලින් වැළකී සිටින්න.බිස්කට්,සිනි,කේක් හා අතුරුපස වලින් වැළකී සිටින්න.සීනි අනිවාර්යෙන්ම පාලනය කල යුතුය.තවත් වැදගත් දෙයක් නම් අපනශාලවල ඇති ෆාස්ට් ෆූඩ්ස් ආහාරයට ගැනීමෙන් වැලකින්.බනිස් සාදන්නේ පිටි වලින් වුවත් ශරීරයට හිතකර දේවල් පමණක් ආහාරයට ගන්න.

                            කෑමට විනාඩි 30කට පෙර දියර ජාති පානය කරන්න එපා.

                            අවසන් ලෙස protein shakes පාවිච්චි කරන්න.මේවා වෙළදපලේ ඇති අතර තමන්ට ගැලපෙන දේ තෝරාගැනීම සදහා වයිද්‍ය උපදෙස් පිළිපදින්න.පහල වීඩියෝව බලා පැහැදිලි කරගන්න.







                           මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.






0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top