Thursday, December 1, 2016

යටිපතුල් පැලීම නිට්ටාවටම නිවසේ සිටම සුව කර ගැනීමට මේ දේවල් කරන්න










                             යටිපතුල් පැලීම යනු වර්තමානයේ බොහෝ දෙනාට ඇති පොදු ගැටලුවකි.කාන්තා මෙන්ම පිරිමි පුද්ගලයන්ටද මේ අපහසුතාවය බලපායි.මෙය සුව කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන අතර සුව කලත් නැවත වරක් ඇති වීමට ඉඩ තිබේ.මෙය ප්‍රධානයෙන්ම සිදු වන්නේ සමේ ඇති වියලි බව නිසාය.සමේ පවතින වියලි බව අඩු කර ගැනීමට අප බොහෝ ක්‍රම භාවිතා කරයි.එහෙත් බොහෝ දේවල් බටහිර බෙහෙත් වන අතර දිගු කාලයක් මේ දේවල්වලින් යටිපතුල් වලට ආරක්ෂාව සැපයීමට නොහැකිය.තවද දියවැඩියාව තිබෙන පුද්ගලයන්ගේද මෙම රෝග ලක්ෂණය දැකගන්නට ලැබේ.මෙයට ස්වාභාවිකවම නිවසේ සිටම කල හැකි ප්‍රතිකාර කිහිපයක් ඇත.

                             1.දෙහි ගෙඩි කිහිපයක් ගෙන යුෂ ටික සියල්ල වෙන් කරගන්න.ඉන්පසුව එයට වතුර ස්වල්පයක් දමා හොදින් දිය කර ගන්න.ඉන්පසුව දිනකට විනාඩි 20ක් පමණ ඔබේ යටිපතුල් දෙක හොදින් එම මිශ්‍රණය තුලට දම ගෙන සිටින්න.දෙහි තුල අඩංගු වන ඇසිඩ් මගින් වියලුනු සම තෙත් වී ගැලවී යාමට උපකාරී වෙයි.ඉන්පසුව බ්‍රෂ් එකක් ගෙන කකුල් දෙක පිටතට ගෙන හොදින් මදින්න.මෙය දිනපතා කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලගා කර ගත හැක.ඔබේ යටිපතුල් පැලුණු වවිගස මෙය කිරීමට යාමෙන් වලකින්න.මදක් සුව වනතුරු සිටින්න.

                             2.ඔලිව් තෙල් මේස හැදී දෙකක් දෙන එයට දෙහි බින්දු දෙකක දමා හොදින් හැකිතාක් උකු වන තෙක් හොදින් කලවම් කරන්න.ඉන්පසුව මෙම මිෂණය දිනකට දෙවරක් පමණ ආලේප කරන්න.ඔබට සාර්ථක ප්‍රතිපල ලගා කර ගැනීමට හැකියාව පවතී.

                             3.අනෙක් ක්‍රමය නම් ඔබ ස්නානය කල වහාම හොදින් යටිපතුල් වියලි වන ලෙස පිසදමා එළවලු තෙල් ගෙන හොදින් අසාදිත ප්‍රදේශයේ තවරන්න.නිදාගැනීමට ප්‍රථම මෙය සිදු කරන්න.ඉන්පසුව තරමක් ගනකම් මේස දෙකක් පැළදගන්න.ඉන්පසුව එම මේස් පිටින්ම නින්දට යන්න.මෙම ක්‍රමය සතියක් අනුගමනය කර බලන්න ඔබටම වෙනසක් පෙනේවි.



                             4.අනෙක් ක්‍රමය නම් Vaseline මේස හැදී දෙකක් ගෙන එයට දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්න.හොදින් කලවම් කර නින්දට යෑමට පෙර යටිපතුල් හොදින් සෝදා මෙය අලේප කරන්න.ආලේප කර මේස් දෙකක දමාගෙන නින්දට යන්න.මෙයද ඉක්මන් ප්‍රතිපල ලබාදෙන ප්‍රතිකාර කරමයකි.

මේ වගේ ඒවා හැමදාම දැනගන්න අපේ  Facebook Page එකට Like කරන්න.ඔයාලගේ share එකකින් අපිව ගොඩක් තව තව මේ වගේ පොස්ට් දාන්න උනන්දු කරවනවා.පොඩි හරි නොදන්නා දෙයක් මේ ලිපියෙන් දැනගත්ත නම් මේ බට්න් එක click කරලා Facebook එකට Share කරන්න අනිත් අයටත් දැගනන්න.



0 comments:

Post a Comment

Copyright © 2014 Aruma Puduma Dewal | Designed With By Blogger Templates | Distributed By Gooyaabi Templates
Scroll To Top